19th October 2024 08:41:18 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 2 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් අනුරාධපුර, තිසාවැව බටහිර ප්‍රදේශයේ සුදුසුකම් ලත් පවුලක් සඳහා නිවසක් ප්රතිසංස් කර භාරදිම 2024 ඔක්තෝම්බර් 15 දින සිදුකරන ලදී.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් ජෙපිසි පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි සහභාගී වූ අතර භකාස අණසක (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් ටී ඒ පීරිස් ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය .
2 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එච් එම් එස් ජේ බණ්ඩාර ගේ නායකත්වයේන් යුතු එම ඒකකයේ භට පිරිස් හී දායකත්වයෙන් මෙම නිවසප්රතිසංස්කරණය කිරීම සිදු කරන ලදි .