Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd April 2024 09:45:31 Hours

ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදුකිරීමේ වැඩසටහන සදහා මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර කොට්ඨාශයේ පදිංචි රෝගීන් වෙනුවෙන් යාපනය ශීක්ෂණ රෝහලේ පැවැත්වූ විශේෂ වැඩසටහන සදහා 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහභාගි වන ලදි

මානව ත්‍යාගශීලිත්වය පුළුල් කරමින් යාපනය ශික්ෂණ රෝහල විසින් 2024 මාර්තු 26 දින යාපනය ශික්ෂණ රෝහලේදී මාන්තයි නැගෙනහිර කොට්ඨාශයේ මුලතිව් දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශවල පරීක්‍ෂාවට ලක් වූ රෝගීන් සඳහා විශේෂ ශල්‍යකර්ම වැඩසටහනක් පවත්වන ලදී. 56 වන සේනාංකය සමඟ එක්ව මාන්තෙයි නැගෙනහිර මුලතිව් දිස්ත්‍රික්කයේ 3 වන අදියර පරීක්ෂාවෙන් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් අවශ්‍ය බවට හඳුනාගත් රෝගීන් 88 දෙනෙකු සඳහා යාපනය ශික්ෂණ රෝහලේ අක්‍ෂි ඒකකයේ සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය (යාපනය) යටතේ ඇති පලාලි යුධ හමුදා මූලික රෝහලේදී වෛද්‍ය තිලීපන්ගේද සහාය ඇතිව වෛද්‍ය මලරාවන් විසින් මෙම ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම සිදු කරන ලදී.

තවද ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 3 වැනි අදියර පරීක්‍ෂා කිරීමෙන් පසු යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ ආරාධනාව මත සැත්කම් සිදුකිරීම වෙනුවෙන් තෝරාගන්නා ලද රෝගීන් 88 දෙනා බැලීම සදහා එදින 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී යාපනය ශික්ෂණ රෝහලේ අක්‍ෂි ඒකකය වෙත පැමි‌ණෙන ලදි.