Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

23rd October 2023 07:04:34 Hours

ආසේමු (ව) ආඥාපතිතුමන්ගේ 21 පාබල සේනාංක ප්‍රථම නිළ සංචාරය

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරාල් ඩබ්ලිව් පී ඒ ඩී ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් 2023 ඔක්තෝබර් 16 වන දින 21 වන පාබල සේනාංකයේ සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.

21වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ 211, 212 සහ 213පාබල බලසේනාවල බලසේනාධිපතිවරුන්, 21වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් සහ යටතේ ඇති ඒකකයන්හි අණදෙන නිළධාරීන් විසින් ආඥාපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් මෙම සංචාරය සිහිවීම පිණිස මූලස්ථාන කාර්්‍යාල සංකීර්ණය පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර,21 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිළධාරීන් සමග වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. අනතුරුව 21 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් සාකචිජා ශාලාවේදී 21 වන පාබල සේනාංකය විසින් සිදුකරනු ලබන මෙහෙයුම් සහ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

ඉන් අනතුරුව, වන්නි ආරක්ෂක සේනා ආඥාපති විසින් 21 වන පාබල සේනාංකයේ භට පිරිස් ඇමතූ අතර, ජයග්‍රාහී යුධ හමුදාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම, පුහුණුව අඛණ්ඩව පවත්වාගෙන යාම, විනය ආරක්ෂා කිරීම සහ වගකීමෙන් කටයුතු කිරීම පිළිබඳ වැදගත් බව අවධාරණය කරන ලදී. තවද, යුද හමුදාව සහ පෞද්ගලික ජීවිතය අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබදව පැහැදිලි කරන ලදී. තවද, ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා විසින් සියලුම අණ දෙන නිලධාරීන්ට, නිනොනො වීමේ අනුපාතය අඩු කිරීමට සහ නිනොනොවීමට බලපාන ගැටළු විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාud¾. ගැනීමට අවධානය යොමු කරන ලෙස උපදෙස් දෙන ලදී.

ඉන් අනතුරුව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා විසින් බලඇණි පුහුණු පාසල - ගල්කුලම, 9 වන ගජබා රෙජිමේන්තුව, විසුරුවා හරින ලද 622 පාබල බලසේනාව,62 පාබල සේමු පුහුණු පාසැල යන ස්ථාන සංචාරය කරන ලදී. අවසානයේ ආඥාපතිතුමන් විසින් 211 පාබල බසේමුහි සංචාරය කරන ලද අතර එහිදී සියලුම නිළධාරීන් සමග දිවා භෝජන සංග්‍රහය සදහා සහභාවී විය.අනතුරුව 211 පාබල බසේමු සමරු සටහන් පොත අත්සන් කිරීමත් සමග බලසේනා පරිශ්‍රයෙන් පිටත්ව යන ලදී.