Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

05th February 2024 16:33:14 Hours

ආලයපත්තුව පෙර පාසලේ ළමුන් සඳහා පාසල් උපාංග බෙදා දෙයි

21 පාබල සේනාංක මුලස්ථානය යටතේ පාලනය වන 212 පාබල බසේමු බලප්‍රදේශයට අයත් ඇලයාපත්තුව සිගිති අරුණලු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 4 ශ්‍රිලංජාආබමු ඒකකයේ භටපිරිස් විසින් සංවිධාන කටයුතු සිදුකල අතර එම උත්සවය 2024.02.03 වන දින පවත්වන ලදි. 212 පාබල බසේමුහි සිවිල් සමිබන්ධිකරණ නිලධාරිගේ ඉල්ලිමකට අනුව කමල් හරිස්චන්ද්‍ර මහතා සහ පවුලේ සාමාජිකයින් විසින් රු:80000.00 ක් වටිනා පාසල් උපකරණ එම පෙර පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් 27 දෙනෙකු අතර බෙද‌ා දෙන ලදි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 212 පාබල බසේමුහි බළසේනාධිපති නියෝජනය කරමින් සිවිල් සමිබන්ධිකරණ නිලධාරි සහභාගි වු අතර මේ සදහා 4 ශ්‍රිලංජාආබමු ඒකකයේ දෙවන අණදෙන නිලධාරිද සහභාගි වන ලදි.