Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd January 2023 12:26:57 Hours

ආරාණ්‍යවාසි භික්ෂුන් වහන්සේලා වෙත දානමය පින්කමක් සිදුකිරිම

ලැබුවාවු 2023 නව වසරට ආශිර්වාද පතා සංඝයා වහන්සේලා හට දක්ෂිණ සිවුරු පිරිකර පූජා කිරීමේ පින්කමක් 2023 ජනවාරි මස 01 වන දින ආරක්‍ෂක සේනා (වන්නි) මූලස්ථානයේදී පවත්වන ලදී. මෙම මහගු පූජාව ආඥාපති මේජර් ජෙනරාල් චම්පක රණසිංහ ආරක්ෂක සේනා (වන්නි) ගේ ප්‍රධානත්වයෙන් ගෝසිංග වනය ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන ආරණ්‍යවාසී සිල්වත් භික්ෂූන් වහන්සේලා 15 නමක් උදෙසා පවත්වන ලදී.

මෙහිදී වැඩමවා වදාල ප්‍රධාන භික්ෂූන් වහන්සේ නමක් විසින් සුමධුර ධර්ම දේශනයක්ද පවත්වන්නට යෙදුණි. තවද මෙහිදී නව වසරට ආශිර්වාද කිරීමත්. මියගිය රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමත්. රණක්ෂිතයට පත්වූ යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සෙත් පැතීමත් සිදුවිය.

මේ සදහා මුලස්ථානයේ රාජකාරියේ නියුතු බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් එස් පී ජී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන්ද. රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් හා සෙසු නිලයින් සහභාගී වන ලදී.