29th September 2025 15:57:25 Hours
21 පාසේමු බළප්‍රදේශයට අයත් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති අ/නබඩවැව විද්‍යාලයේ සහ අ/පුලියන්කඩවල ප්‍රාථමික විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ආර්ථික අපහසුතා ඇති දරු දැරියන් 150 ක් වෙනුවෙන් පාසැල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025.09.26 දින අ/නබඩවැව විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදි. මෙම වැඩසටහනට සමගාමීව එදින එම අවස්ථාව සදහා සහභාගි වු දරුදැරියන්, දෙමාපියන් හා ගුරුවරුන් 700 ක පමණ පිරිසකට දිවා ආහාරය ලබාදීමද සිදුකෙරිණි. Clean Sri Lanka වැඩසටහන යටතේ සංවිධානය කෙරුනු මෙම වැඩසටහන සදහා පුර්ණ අනුග්‍රහය මීරිගම SSR වාහන අලෙවිකිරීමේ ආයතනයේ හිමිකරු වන ඩීපීඑස්එස් රාජපක්‍ෂ මහතා විසින් දරනු ලැබූ අතර, එක් සිසුවෙක් වෙනුවෙන් පාසල් පාවහන්, පොත්බෑග්, කුඩයක් ඇතුළු වසරකට අවශ්‍ය සෑම පාසල් උපකරණයක්ම ඇතුළත් වන පරිදි සැකසූ රුපියල් 13,000.00 ක් පමණ වටිනාකමකින් යුතු පාසල් උපකරණ කට්ටලයක් ප්‍රදානය කරන ලදී. එසේම, ඔහුගේ අනුග්‍රහය යටතේ පාසල් දරුවන් වෙනුවෙන් පූජ්‍ය මස්සැන්නේ විජිත ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබූ විශේෂ මාපිය වන්දනා වැඩසටහනක්ද එදින පවත්වන ලදී.
මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 21 පාසේමූ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඑම්වී කොඩිතුවක්කු එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී සහභාගී වූ අතර, 211 පාබසේමු බලසේනාධිපති බ්‍රිගේඩියර් ටීඩීපී සිරිවර්ධන පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත 5 (ස්වේ) ගරෙ ඒකක අණදෙන නිලධාරී මේජර් ආර්එම්වීබී සමරනායක ගරෙ ඇතුළු ඒකකයේ නිලධාරීන් හා සෙසුනිලයින්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි. එදින පැවති උත්සව අවස්ථාව සදහා 21 පාසේමූ කර්නල් ප්‍රධාන මාන්ඩලික නිලධාරි කර්නල් එල්ඩබ්ලිව්බි රිදීමහලියද්ද යූඑස්පී අයිජි, 21 පාසේමූ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිතන් කර්නල් සී ජයවීර කේඑස්පී හා 211 පාබසේමු සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිතන් කර්නල් එම්පී කුමාර ආර්එස්පී ඇතුළු නිලධාරීන් හා සෙසුනිලයින් පිරිසක්ද ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරූ ඩීපීඑස්එස් රාජපක්‍ෂ මහතාගේ ඥාතීන් හා හිතවතුන් පිරිසක්ද එම වැඩ සටහන ඉතා සාර්ථකව පවත්වන ලදි.