30th November 2024 10:03:40 Hours
ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් ජේ පී සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී විසින් මුලතිව් 59 පාබල සේනාංකයේ ජලගැලිම් වලින් විපතට පත් ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය. රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් භට පිරිස් විසින් සපයනු ලබන සහන සේවා සහ මානුෂීය ආධාරවල ප්‍රගතිය තක්සේරු කිරීම මෙම සංචාරයේ අරමුණයි.
මෙම සංචාරයේදී ආරක්ෂක සේනා (වන්නි) ආඥාපතිතුමන් විසින් ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බාධා එල්ල වී ඇති වාද්දුවකල් උමං මාර්ගයේ ගමනාගමනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලදී. මේ අතර ඔහු කොක්කිලායි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ ස්ථාපිත අවතැන් මධ්‍යස්ථානය වෙත ගොස් අයහපත් කාලගුණික තත්වයෙන් විපතට පත් ගම්වාසීන්ගේ සෞඛ්‍ය සහ සුවදුක් විමසා සිටියේය.
මේජර් ජෙනරාල් ඩි ආර් එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්.ජේ. උබේසේකර ආර්එස්පී පිඑස්සී 591 පාබල බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් මෙම සංචාරය සඳහා සහභාගී වූහ.