Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

10th February 2024 14:55:17 Hours

ආරක්‍ෂක සේනා (වන්නි) ආඥපතිතුමන් වව්නියාව ඒකාබද්ධතා මධ්‍යස්ථානයේ සංචාරයක

ආරක්‍ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරල් ඩබිලිව් පී ඒ ඩී ඩබිලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු වව්නියාව පූනතොට්ටම් හි පිහිටුවා ඇති වයස අවුරුදු 18 - 22 අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුණරුත්තාපනය කරනු ලබන “ඒකාබද්ධතා මධ්‍යස්ථානයේ ” පුණරුත්තාපනය වනු ලබන පුණරුත්තාපන ලාභීන්ගේ තොරතුරු සොයා බැලීම සදහා 2024.02.05 දින නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඒකාබද්ධතා මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක කර්නල් කැලුම් වික්‍රමාරච්චි ඇතුලු කාර්ය මණ්ඩලය විසින් ආඥාපතිතුමන් උණුසුම් අන්දමින් පිළිගැනීම සිදුකල අතර මුලින්ම ඒකාබද්ධතා මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව එහි අධ්‍යක්‍ෂක විසින් සිදුකරන ලද ඉදිරිපත් කිරීම සඳහා සහභාගී වන ලදී.

ඉන් අණතුරුව මධ්‍යස්ථානයේ සේවා ලාභීන් හමුවූ ආඥාපතිතුමන් ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ අතර ගැටලු ඇති නොවන අයුරින් එහි කාලය ගෙවිම පිළිබඳ වටිනා උපදෙස් ලබාදෙන ලදි.