Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

26th March 2025 18:00:29 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි 21 පාබල සේනාංක මූලස්ථානයෙහි, 211 හා 212 පාබල බලසේනාවෙහි සහ බළඇණි පුහුණු පාසැල - ගල්කුලමහි නිල සංචාරයක

නවතමයෙන් රාජකාරි අරඹන ලද ආරක්‍ෂක සේනා ආඥාපති වන්නි මේජර් ජෙනරාල් කේ එම් පී එස් බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී, 21 පාබල සේනාංක මූලස්ථානයෙහි, 211 හා 212 පාබල බලසේනාවන්හි සහ බළඇණි පුහුණු පාසැල - ගල්කුලමහි 2025 මාර්තු මස 21 දින නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍ර වෙත සපැමිණි ආඥාපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව 21 පාබල සේනාංකාධිපති තුමන්, 211 සහ 212 පාබල බලසේනාධිවරුන් සහ බලඇණි පුහුණු පාසැලෙහි සේනාවිධායක තුමන් විසින් ඒ ඒ ස්ථානයන්හිදී ආඥාපතිතුමන් පිළිගන්නා ලදී.

පසුව, එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව, විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොත්හි සටහනක් ද තැබීය. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් විශාල පිරිසක් සහභාගී වූහ.