Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

21st February 2022 13:34:05 Hours

ආරක්ෂ්ක සේනා මුලස්ථානය (වන්නි) බළප්‍රදේශයේ රාජකාරින් සිදු කරන නිලධාරීන් සඳහා නායකත්වය පිළිබඳ දේශනයක් පවත්වන ලදී

ආරක්ෂනක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් සීඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම මත, 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්ඩීඑස්එස් ලියනගේ ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී වෙත "නායකත්වය" පිළිබඳ දේශනය පැවැත්වීමට ආරාධනා කරන ලදී. එම දේශණය සදහා නිලධාරීන් 171 ක් දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2022 පෙබරවාරි 17 වන දින, ආරක්ෂක සේනා මුලස්ථාන (වන්නි) ශ්‍රවණාගාරයේදී පවත් වන ලදි.

මෙම දේශනය 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සමන් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් පැවැත්විය. දේශනය සඳහා ආරක්ෂක සේනා මුලස්ථාය (වන්නි) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගි වූහ.