20th February 2025 15:27:57 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) ආඥාපතිතුමන්ගේ මග පෙන්වීමකට අනුව කදවුරු පරිශ්‍රෙය් ගෙවි බිමෙහි මහ කන්නය වෙනුවෙන් වගා කරන ලද වී වගාවෙහි අස්වනු නෙලීම සාම්ප්‍රදායික චාරිත්‍රයන්ට අනුව 2025 පෙබරවාරි මස 20 වන දින උදෑසන ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ එම් වී කොඩිතුවක්කු එන්ඩියූ ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය
කාබනික පොහොර භාවිතා කරමින් සාර්ථකව වගා කරන ලද වී වගාව අස්වනු නෙලීමේන් අනතුරුව කදවුරේ සේවය කරනු ලබන සියලුම අයවලුන්වෙත සහනදායි මිලකට අලෙවි කිරීමට නියමිතවේ. වර්තමානයේ පවතින ආර්ථික අපහසුතාවයන් යම්තාක් දුරට මගහරවා ගැනීම වෙනුවෙන් මෙය මහත් පිටුවහලක් වනු ඇත.
මෙම අවස්ථාව සදහා ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) හී බ්‍රිගේඩියර් පාලන/භකාස බ්‍රිගේඩියර් එම්එන්ජේ පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන්සහ සෙසු නිලයින්ද සහභාගි විය.