Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

01st March 2022 07:19:44 Hours

ආරක්ෂක සේනා (වන්නි) බළප්‍රදේශයේ රාජකාරින් සිදු කරනු ලබන කොනොනින් සදහා කෙටි කාලීන පාඨමාලාවක් ආරම්භ කිරිම.

කණිෂ්ඨ නායකයින් පුහුණු කිරිම, මෙහෙයුම් සූදානම පවත්වා ගැනීම සදහා හමුදා පුහුණුව ඉතා වැදගත් වන අතර, එය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක සේනා අඥාපති (වන්නි) මේජර් ජෙනරාල් සී ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් මත සහ 65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ සමරසිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ පූර්ණ අධික්ෂණය සහ මග පෙන්වීම යටතේ යුද්ධ හමුදා මූලස්ථානයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශණයන්ට අනුව කොනොනි කෙටි කාලීන පාඨමාලා අංක - 01, 2022 පෙබරවාරි මස 21 දින ආරම්භ කර 2022 මාර්තු මස 05 වන දින අවසන් කිරිමට නියමිතව ඇත.

එම පාඨමාලාවේ විෂය නිර්දේශ වශයෙන් නායකත්වය, තීරණ ගැනීම, අභ්‍යාසය, සමාජ අචාර විධි, අදුම් අචාර විධි, දුරකථන ආචාර විධි, පුද්ගලික විනය, හදිසි අනතුරු පටිපාටිය, ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීති දේශණ, හමුදා පනත, නායකත්ව ඉදිරිපත් කිරීම, ගිණුම් කරණය සහ මානව හිමිකම් හා මානුෂ්‍යවාදි නීතිය පිළිබදව දේශණ ඇතුලත් කර ඇත. මෙම පාඨමාලාව සදහා අරක්ෂක සේනා (වන්නි) බළප්‍රදේශයේ ස්ථාපිත සියලුම (නිත්ය /සෙව්) ඒකකයන් නියෝජනය වන පරිදි එක් ඒකකයක් වෙතින් කොනොනින් 03 බැගින් සහභාගී කරවා ඇත.