Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

26th August 2024 19:10:28 Hours

ආරක්ෂක සේනා (වන්නි) බලප්‍රෙද්ශයේ නිලධාරි /සෙසු නිලයින්ගේ චිත්ත ධෛර්ය ඉහල නැන්වීම සදහා දේශණ මාලාවක් පැවැත්විම

ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් ජේපිසි පිරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් අනුවආරක්‍ෂක සේනා (වන්නි) හි නිලධාරි /සෙසු නිලයින්ගේ චිත්ත ධෛර්ය ඉහල නැන්වීම වෙනුවෙන් ජනමධ්‍ය හා මවිමෙ අම සහයෝගය ඇතිව දේශන මාලාවක් පැවැත්වීමට අසේමු (වන්නි) මවිමෙ අංශය වෙතින් කටයුතු කරන ලදී. ඒ අනුව එහි ප්‍රථම වැඩසටහන අසේමු (වන්නි) ශ්‍රවණාගාරයෙදි 2024 අගෝස්තු මස 22 වන දින පැවැත්වීය. මෙහිදි දෙශකයන් ලෙස ජනමධ්‍ය හා මවිමෙ අම වෙතින් සහභාගි වු ලුතිතන් කර්නල් සුජිත් චමින්ද විසින් “යුධ ඉතිහාසය” හා මේජර් සචිත් බංඩාර විසින් “පවුල මම සහ රැකියාව”මැයෙන් අභිප්‍රේරණ දේශණයන් පවත්වන ලදි. මෙම ප්‍රථම දේශණය සදහා 56 පාසේමු, 8 කාඉරෙ, 1 සබුබ, 2 (සෙව්) ශ්‍රීලයුකාබ භට පිරිස් හා 1 බලකායට අයත් විශේෂ බලකා බළ සේනා මුලස්ථානය, 3 විශේෂ බලකාය හා 3 කමාන්ඩෙ රෙජිමේන්තුවට අයත් නිළධාරී 23 ක් සහ සෙසුනිළයින් 275 ක් සහභාගී විය.

මිට අමතරව මෙම වැඩසටහන 21,54,59 පාබල සේනාංකයන් හි නිලධාරි /සෙසු නිලයින් හා ආලංකුලම පාබල බළඇණි පුහුණු පාසලෙහි පුහුණුව ලබන නිලධාරි /සෙසු නිලයන් වෙත පැවැත්වු අතර එම සියලුම වැඩසටහන් සදහා නිලධාරීන් 54 සහ සෙසු නිලයින් 897ක් සහභාගී විය.