Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

27th February 2023 14:40:05 Hours

ආරක්ෂක සේනා (වන්නි) පැසිපන්දු තරගාවලියේ ජය 54 පාබල සේනාංකයට

21, 54, 56 සහ 65 වන පාබල සේනාංකවල සම්බන්ධීකරණයෙන් 62 වන පාබල සේනාංකය විසින් සංවිධානය කරනු ලැබු ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි අන්තර් පාබල සේනාංකය පැසිපන්දු තරඟාවලිය ඉකුත් පෙබරවාරි මස 25 , 26 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ක්‍රීඩා සංකිර්ණයේදි පැවැත්විණි.

තරඟාවලියේ මූලික වටයේ තරඟ වෙනුවෙන් ඉදිරි නඩත්තු පෙදෙස පැසිපන්දු ක්‍රීඩකයන් ඇතුළුව එම සේනාංක වල කණ්ඩායම් තරඟ වැදුණු අතර, අවසන් මහා තරඟයේදී 65 වන පාබල සේනාංකයේ කණ්ඩායමට එරෙහිව තරඟ වැදුණු 54 වන පාබල සේනාංකයේ කණ්ඩායම තරඟාවලිය ජයග්‍රහණය කරමින් එහි ශූරතාවය හිමිකර ගත්හ. ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සිඩී රණසිංහ විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.