Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

09th February 2023 15:32:05 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) අන්තර් සේනාංක බැට්මින්ටන් ශූරතාවය - 2023

ආසේමු (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් සිඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමාගේ නායකත්වය හා මඟ පෙන්වීම හා 56 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් ජී පී එම් කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජීයන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ ආසේමු (ව) අන්තර් සේනාංක බැට්මින්ටන් තරගාවලිය 56 වන සේනාංක මුලස්ථානයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේහිදී 2023 පෙබරවාරි මස 01 වන දින 06 දින දක්වා සාර්ථකව පවත්වන ලදී. තවද, මෙම බැට්මින්ටන් තරගාවලියෙහි අවසන් මහා තරඟ2023 පෙබරවාරි මස 06වන දින 56 පාබල සේනාංක මුලස්ථානයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේහිදී පවත්වන ලද අතර එහිදී තරගාවලියෙහි ජයග්‍රහණ ලබා ගත් පහත සඳහන් කණ්ඩායම් හා ක්‍රීඩකයින් සඳහා කුසලාන හා ත්‍යාග පිරිනැමීම සිදු කරන ලදි.

අ. ශූරතාවය - 56 පාබල සේනාංක කණ්ඩායම

ආ. අනුශූරතාවය - 54 පාබල සේනාංක කණ්ඩායම

ඇ. දක්ෂතම ක්‍රීඩකයා - සෙ/385578 කෝප්‍රල් ජයසුන්දර ජේඑම්එන්කේ

ඈ. විවෘත ඒකල ශුරතාවය - සෙ/101683 ලා/කෝ තිලකරත්න ඩීඑම්ඒ

ඉ. විවෘත යුගල ශුරතාවය - සෙ/385578 කෝප්‍රල් ජයසුන්දර ජේඑම්එන්කේ, සෙ/380307 ලා/කෝ බංඩාර ටීබීඒ

ඊ. අවු 40 ට අඩු ඒකල ශුරතාවය - සෙ/380307 ලා/කෝ බංඩාර ටීබීඒ

උ. අවු 40 ට අඩු යුගල ශුරතාවය - නි/71747 කපිතන් කේඑම්සිඩිඕ කුලතුංග ශ්‍රීලකාහ, සෙ/380307 ලා/කෝ බංඩාර ටීබීඒ

ඌ. අවු 40 ට වැඩි ඒකල ශුරතාවය - නි/69817 කපිතන් (උපා) ජේඒ කරුණාරත්න විපාරෙ

එ. අවු 40 ට වැඩි යුගල ශුරතාවය - නි/64957 ලුතිතන් කර්නල් එස්එම්එස් සුරියබංඩාර ශ්‍රීලංසිරෙ, නි/69817 කපිතන් (උපා) ජේඒ කරුණාරත්න විපාරෙ

ඒ. අවු 50 ට අඩු ඒකල ශුරතාවය - නි/4285 ලුතිතන් කර්නල් එස්එම්යු බංඩාර ජාශීබ

ඔ. අවු 50 ට වැඩි යුගල ශුරතාවය - නි/62519 බ්‍රිගේඩියර් සී කලුතරආරච්චි, නි/4285 ලුතිතන් කර්නල් එස්එම්යු බංඩාර ජාශීබ

එමෙන්ම,මෙම අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආසේමු (ව) ආඥාපති තුමන් සහභාගි වූ අතර 21, 56, 62, 65 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ආසේමු (ව) බ්‍රිගේඩියර් (පාලන/භකාස), බළසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරිවරුන්, ජ්‍යෙෂ්ඨනිලධාරිවරුන්, නිලධාරිවරුන් හා සෙසුනිලයින් සහභාගි වන ලදි.