07th August 2024 20:22:08 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් ජේපීසී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්ස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි 56 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් 2024 අගෝස්තු 04 වන දින වවුනියාව උතුරු කලාපයේ පරසන්කුලම් ප්‍රදේශයේ කුරුඳු වගාව නංවාලීම සදහා අඩු ආදායම් ලාභී පවුල්වල ආර්ථිකය නංවාලීමේ අරමුණින් කුරුඳු පැළ බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරනලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ වන්නි ආරක්ෂක සේනා ආඥාපතිතුමා විසින් ගම්වාසීන් 34 දෙනෙකු සඳහා කුරුඳු පැළ 6392 ක් බෙදා දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති, 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ නියෝජ්ය සේනාංකාධිපති, 561 පාබල බල සේනාවේ බලසේනාධිපති, ජ්යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී වන ලදී.