Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

05th January 2024 14:39:37 Hours

ආඥාපති ආරක්ෂක සේනා (වන්නි) අභිමංසල - 1 හි සංචාරය

අභිමංසල - 1 හි නේවාසිකව රැකවරණය ලබන රණක්ෂිතයට පත් රණවිරුවන් සුවදුක් විමසා 2024 නව වසර උදාව වෙනුවෙන් ඹවුන්ට සුභාසිංසන එක්කිරීම සදහා ආඥාපති ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්පිඑඩිඩබ්ලිව් නානායක්කාර ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු 2024 ජනවාරි මස 02 වන දින එහි සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදි ආඥාපතිතුමන් විසින් අභිමංසල - 1 හි නේවාසිකව රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසමින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වෙත සුභාසිංසනය පිරිනැමු අතර සියළු දෙනා වෙත විශේෂ ත්‍යාග පර්සල් ලබාදීමට කටයුතු කරන ලදි. අණතුරුව ඔවුන් සමග සතුටු සාමිචියේ යෙදෙමින් තේ පැන් සංග්‍රහයකට එක්වු අතර අවසානයේ අමුත්තන්ගේ සටහන් පොතෙහි සමරු සටහනක් තැබිමට ක්‍රියා කරන ලදි.

මෙම සංචාරය සදහා 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අයිඒඑන්බි පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්එම්එබි විජේකෝන් යුඑස්පි එන්ඩියු 213 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්කේඕපි මාපලගම පිඑස්සි අර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) කාර්යයේ නියුතු ආඥාපති කර්නල් එච්ඩිඒඑන් හෙට්ටිගේ සහ අනුරාධපුර යුද හමුදා රෝහලේ දෙවන අණදෙන නිළධාරි මේජර් ඒඑම්කේ අත්තනායක අයවළුන් සහභාගි වුහ.