Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

26th March 2022 05:32:11 Hours

අළුත් සහල් මංගල්‍ය වෙනුවෙන් අළුත් සහල් එක්රැස් කිරීම

651 පාබල බසේමු යටතේ පාලනය වන 19 ශ්‍රිලපාහ ඒකකයට අයත් මුලංකාවිල් ග්‍රාමසේවා වසමේ 2022.03.22 වන දින 1030 පැයේ සිට 1145 පැය දක්වා මුලංකාවිල් ගොවිජන සේවා මධ්‍යස්ථානය තුලදි අළුත් සහල් මංගල්‍ය වෙනුවෙන් අළුත් සහල් එක්රැස් කිරීමේ විශේෂ උත්සවයක් පවත්වන ලදි.

2022 අප්‍රේල් 03 වන දින පැවැත්වීමට නියමිත 55 වන අළුත් සහල් මංගල්‍ය වෙනුවෙන් මහ කන්නයේදි නෙලාගත් වි අස්වැන්නේ අග්‍ර ඵලය අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධිය වෙත පුජා කිරීම සඳහා මෙම 651 පාබල බසේමු බලප්‍රදේශයේ ගොවි ජනතාව විසින් ඔවුන්ගේ වි අස්වැන්නේ අළුත් සහල් මුලංකාවිල් ගොවිජනසේවා මධ්‍යස්ථානය වෙත භාරදීමේ විශේෂ උත්සවයක් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යශය හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් හා 651 බළසේනා මුලස්ථානයේ නිළධාරි හා සෙසුනිළයින්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි