02nd December 2024 19:22:45 Hours
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීආර්එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සම්බන්ධිකරණය හා පූර්ණ අධීක්ෂණය යටතේපසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අවතැන්වූ සිවිල් වැසියන් 200 ක පමණ ප්‍රමාණයක් සඳහා වියලි ආහාර ලබාදීමේ වැඩසටහනක් දෙරණ විද්‍යුත් මාධ්‍ය ආයතනය සහ ඩයලොග් ඇක්සියාටා ආයතනයෙහි පුර්ණ අනුග්‍රහය යටතේ 593 පාබල බලසේනාව යටතේ වන 6 වන බළඇණිය ශ්‍රී ලංකා ගැමුණු හේවා බළකාය විසින් මණ්නකන්ඩාල් ග්‍රාම නිලධාරි කාර්යාලයේදී පවත්වන ලදි.
මේ සඳහා මෙම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීආර්එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්,ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහපුදුකුඩුඉරිප්පු සහකාරප්රාදේශීය ලේකම්එස් ජයකාන්තන් මහතා, මුලතිව් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහකාර අධ්‍යක්ෂක ගෝකුලරාජ් මහතා, දෙරණ විද්‍යුත් මාධ්‍ය ආයතනයේ නියෝජිතයින් මෙන්ම ඩයලොග් ඇක්සියාටා යන ආයතනයන්හි කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වන ලදි.