27th November 2024 11:20:18 Hours
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ සිතුමිනයාකුලම් ප්‍රදේශයේ කුරායි ග්‍රාම සේවක කොඨිඨාසයේ සිතුමිනයාකුලම් වැව් බැම්මේ එක් පැත්තක් අධික ජල පහරට කැඩි යාම හේතුවෙන් කුරායි ගම්මානයට ජල ගැලීම හේතුවෙන් එහි පදිංච් ජනතාවගේ වගා බිම් සහ ඔවුගේ නිවෙස් වලට එල්ලවීමට තිබු හානිය වලක්වා ගැනීම සදහා 541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයිපී ජයසිංහ ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි 5 (ස්වේ) යාන්ත්‍රික පාබල රෙජිමෙන්තුවේ අණදෙන නිලධාරි ඇතුළුඑම ඒකක භඨපිරිස් සහ ප්‍රදේශවාසීන්ගේද සහයෝගයෙන් එම වැව්බැම්ම තාවකාලිකව ජලය පිටාරගලා යා නොහැකි අන්දමට වැලි කොට්ට යොදා 2024/11/26 වන දින සකසන ලදි.