Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

25th September 2022 20:11:07 Hours

අන්තර් සේනාංක ක්‍රිකට් ශූරතාවලිය 2022

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) අන්තර් සේනාංක ක්‍රිකට් ශූරතාවලිය 2022 අවසන් මහා තරගය 2022.09.17 වන දින (සෙනසුරාදා) 54 වන පාබල සේනාංක ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා මූලස්ථාන (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් සහභාගී විය.

කරට කර සටනකින් පසු 54 පාබල සේනාංකයේ ක්‍රීඩකයින් මෙම වසරේ ශූරයන් බවට පත් වූ අතර 21 වන පාබල සේනාංකයට අනුශූරතාව හිමිවිය. මෙම ඉසව්වේ තරගාවලියේ වීරයා ලෙස මේජර් එල්එම් සුරංග 15 (සෙව්) ගැහේබ ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් සම්මාන හිමිකරගනු ලැබීය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් බෙදා දීමට එක්විය.