Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

23rd March 2024 17:56:01 Hours

අන්තර් ක්‍රිඩා සමාජ පාපන්දු තරගාවලිය.

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්එස් දේවප්‍රිය යුඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සංකල්පයකට හා උපදෙස් අනුව 64 පාබල සේනාංක අභියෝගතා කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලිය 642 පාබල බළසේනා මුලස්ථානය විසින් සංවිධානය කල අතර, ඒ සඳහා බළප්‍රදේශය තුල ක්‍රීඩා සමාජ නවයක් සහභාගී වන ලදී. එම තරඟාවලියේ මුලික තරඟ 2024.03.10 වන දින හා 11 වන දින ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලීය ක්‍රිඩාංගනයේදී පවත්වන ලද අතර, අවසන් මහා තරඟය ‘වලර්මධි’ ක්‍රීඩා සමාජය සමඟින් ‘හාරතී’ ක්‍රීඩා සමාජය අතර 2024.03.17 වන දින ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 64 පාබල සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරල් එම්එස් දේවප්‍රිය යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී විය. 641 සහ 642 බළසේනාධිපති වරුන් ඇතුළු හමුදා නිලධාරින් හා සෙසුනිලයන්,රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් හා ක්‍රීඩා ලෝලින් අදාල අවස්ථාවට සඳහා සහභාගී වු අතර, 64 පාබල සේනාංක අභියෝගතා කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ 2024 ශුරතාවය මුතියන්කඩ්ඩුකුලම් භාරති ක්‍රීඩා සමාජය හිමිකර ගන්නා ලදී.