Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

03rd July 2024 22:12:24 Hours

අන්තර් ඒකක වොලිබොල් තරඟාවලිය - 56 පාබල සේනාංකයේ ක්‍රීඩා ජවය තීවුර කරයි

56 පාබල සේනාංකය විසින් තම බලසේනා සහ ඒකක සදහා වොලිබොල් තරඟාවලියක් 2024 ජුලි මස 02 වන දින 56 පාබල සේමු ක්‍රිඩාංගනයෙහි 563 බලසේනාවේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලදී.

තරගාවලියේ අවසාන මහා තරඟය සඳහා 16 ශ්‍රිලංසිරෙ සහ 7 ශ්‍රිලංසිරෙ කණ්ඩායම් සහභාගි වු අතර කරට කර තරඟයක අවසානයේ 7 ශ්‍රිලංසිරෙ කණ්ඩායම විසින් 56 පාබල සේමු අන්තර් ඒකක වොලිබොල් තරඟාවලියේ ජයග්‍රහණය ලබා ගන්නා ලදී.

56 පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරින් උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු අතර එහිදි ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රධානය සිදු කරන ලදී. නියෝජ්‍ය සේනාංකාධිපති, 562 බලසේනාධිපති 563 බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින්, සෙසුනිළයින් අවසාන මහා තරඟය නැරඹීම සඳහා සහභාගි විය.