Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

18th May 2024 12:07:33 Hours

අන්තර් ඒකක කබඩි තරගාවලිය - 56 පාබල සේනාංකයේ ක්‍රීඩා ජවය තීව්‍ර කරයි

56 පාබල සේනාංකය විසින් තම බලසේනා සහ ඒකක සදහා කබඩි තරගාවලියක් 2024 මැයි මස 14 වන දින 16 ශ්‍රිලංසිරෙ ක්‍රිඩාංගනයෙහි 561 බලසේනාවේ සහ 16 ශ්‍රිලංසිරෙ ඒකකයේ සම්බන්ධීකරණයෙන් පවත්වන ලදී.

තරගාවලියේ අවසාන මහා තරගය සදහා 16 ශ්‍රිලංසිරෙ සහ 11 ගැහේබ කණ්ඩායම් සහභාගි වු අතර කරට කර තරගයක අවසානයේ 16 ශ්‍රිලංසිරෙ කණ්ඩායම විසින් 56 පාබල සේමු අන්තර් ඒකක කබඩි තරගාවලියේ ජයග්‍රහණය ලබා ගන්නා ලදී.

56 පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරින් උත්සව අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු අතර එහිදි ජයග්‍රාහකයන් සදහා ත්‍යාග ප්‍රධානය සිදු කරන ලදී. 561 බලසේනාධිපති (වැඩබලන) කර්නල් ආර්එස්සි දිසානායක ආර්එස්පි, 562 බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින්, සෙසුනිළයින් අවසාන මහා තරගය නැරඹීම සදහා සහභාගි විය.