Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd July 2022 09:00:41 Hours

අධිරදන් පෙරපාසල සදහා අලුතින් ඉදිකරණ ලද රඟහල ගොඩනැගිල්ල උත්සවාකාරයෙන් විවෘත කරන ලදි

65 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒ සමරසිරි ආර්ඩබිලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ ප්‍රධානත්වයෙන් නව රඟහල ගොඩනැගිල්ල (වර්ග අඩි 15 x 40) ගේ මඟපෙන්වීම් සහ මාර්ගෝපදේශ යටතේ, 65පාබල සේනාංකයේ දායකත්වය සහ සම්බන්ධීකරණයෙන්, ඇක්සස් ඉංජිනියර් ආයතනය සහ ජේ ලංකා ආයතනයෙහිහි මූල්යාධාර ඇතිව ඉදිකරන ලදි. 2022 ජුනි 23 වන දින 65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් විවෘත කර ආලංකුලම් අධිරදන් පෙර පාසලේ සිසුන් වෙත භාරදෙන ලදි.

නව ගොඩනැගිල්ලේ ඉදිකිරිම් 2022.02.03 දින ආරම්භ කර ඇති අතර. එය 65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒ සමරසිරි ආර්ඩබිලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 653 පාබල බසේමු බලසේනාධිපති බ්ගේඩියර් ඩ්එන්සි සේරසිංහ ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහභාගිත්වයෙන් 2022.06.23 දින ඉදිකිරිම් අවසන් කර උත්සවාකාරයෙන් විවෘත කරන ලදි. මේ සදහා 17(සෙවි) ශ්‍රී ලපාහ ඒකක අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් ඒඒඑන්බි අතුරුගිරි ආර්එස්පි ජ්‍යෙෂෟඨ නිළධාරි, ඇක්සස් ඉංජිනියර් ආයතනයේ උතුරු පලාත් අධ්‍යක්ෂක වරුණ මල්ලවාරච්චි මහතා, ජේ ලංකා ආයතනයේ කළමණාකාර දේශප්‍රය මහතා මාගා ඉංජිනියර් ආයතනයේ සම්පත් මහතා, පෙරපාසල් අධයක්ෂක මුලතිව්යෝගේස්වරන් මහතා, පෙර පාසල් ප්‍රධාන පාලිකා සුජිදා මහත්මිය සහ යුද හමුදා භඨපිරිස් 30 දෙනෙකු පමණ මෙම උත්සව අවස්ථාව සදහා සහභගි වන ලදි.