Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

18th December 2023 09:58:53 Hours

අධික වර්ෂාපතනය හේතුවෙන් කාන්දු වීමකට ලක්වූ මනම්පේරියාව වැව් බැම්ම ප්‍රතිසංස් කරණය කිරීමට ආරක්ෂක සේනා (වන්නි) භට පිරිස් කටයුතු කරයි.

තිරප්පනේ ප්‍රාදේශීය ලේකමි කොට්ඨාශයේ පහල අඹතලේ ගම්මානයේ පිහිටි මනම්පේරියාව වැව් බැම්ම අධික වර්ෂාපතනය හේතුවෙන් කාන්දු වීමකට ලක්විය. මෙම වැව් බැම්ම වහා පිළිසකර කිරීම සදහා, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර විසින් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස උපදේස් දුන් අතර, වැව් බැම්ම අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 7 වන රෙජිමේන්තුවේ භට පිරිස් වෙත යොමු කරන ලදී. කෙටි කාලයකදී වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමට හැකි වූ අතර මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ 7 වන රෙජිමේන්තු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එල් එල් කේ වීරසිංහ ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ 03 x 15 භට පිරිස් සහ ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය. ශ්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිස්වල කැපවීමෙන් කළ සේවය අඹතලේ ගම්වාසීන්ගේ ඇගයීමට ලක් විය.