Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

19th December 2023 08:16:06 Hours

අධික වර්ෂාපතනය හේතුවෙන් කාන්දු වීමකට ලක්වූ අන්දරකුඩා වැව වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමට ආරක්ෂක සේනා (වන්නි) භට පිරිස් කටයුතු කරයි.

මැදවච්චිය ගොවිජන සේවා දෙපාර්තමේන්තු බල ප්‍රදේශයට අයත් උල්පත්ගම අන්දරකුඩා වැවෙහි පිටවාන යටින් උමගක් සැදීම හේතුවෙන් එහි ජලය කාන්දු වීමට පටන්ගෙන ඇත. මෙම තත්වය වහා සමතයකට පත් කරන ලෙස වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර විසින් ලබාදුන් උපදෙස් අනුව එහි අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා 2 විජයභාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් වෙත යොමු කරන ලදී. කෙටි කාලයකදී වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමට හැකි වූ අතර මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 2 විජයභාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් කේ ඒ අයි කොඩිකාර ගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම ඒකකයේ 01 x 15 භට පිරිස් වෙතින් ගම්වාසීන්ගේ ද සහයෝගය ඇතිව සිදු කරන ලදී. මෙම කාර්ය සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිස් කළ කැපවීම උල්පත්ගම ගම්වාසීන්ගේ ඇගයීමට ලක් විය.