Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

29th December 2022 12:24:58 Hours

අත්‍යවශ්‍ය ඖෂධ අනුරාධපුර මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකය වෙත භාරදීම

අනුරාධපුර මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය නිලධාරි විසින් අත්‍යවශ්‍ය ඖෂද තොගයක් ශල්‍යකර්ම ඒකකය සදහා අවශ්‍ය බැවින් එම ඖෂධ ලබාදෙන ලෙස 65 පාබල සේනාංකයේ සේනාංනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසාද් එදිරිසිංහ පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගෙන් ඉල්ලුම් කරන ලදි.

ඒ අනුව 65 පාබල සේමු සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් ජෙඩියුටි කුමාර ආර්එස්පි ශ්‍රීලකාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් යුතුව සිවඥාණම් මේනන් පදනමේ අනුග්‍රාහයකත්වයෙන් ඖෂධ තොගය 2022.12.23 දින අනුරාධපුර මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකය වෙත සහ පිලිකා වාට්ටුව වෙත ලබාදෙන ලදි.මෙම අවස්තාව සදහා 65 වන පාබල සේනාංක මුලස්ථානයේ කර්නල් (සෙවි) කටයුතු සම්බන්ධිකරණ නිලධාරි කර්නල් එම්ඒ ලක්ෂ්මන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ වෛද්‍යවරුන් සහ හෙදියන් සහභාගි වන ලදි.