Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

21st February 2022 10:40:45 Hours

අඩුආදායම්ලාභි වයස්ගත කාන්තාවක් සදහා එලවළු වෙළසසැලක් ඉදිකරදීම.

ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) අඥාපති මේජර් ජෙනරාල් සී ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මග පෙන්වීම මත 561 පාබල බළසේනා මුලස්ථානය ආසන්නයේ පදිංචිව සිටින විග්නේෂ්වරී රාජේන්ද්‍රන් නැමති වයස්ගත කාන්තාව විසින් තම ජීවිකාව වශයෙන් සිදු කරන ලද තහඩු සෙවිලි කල එලවළු වෙළදසැල 2021.12.20 වන දින සොරුන් විසින් කඩා දමා ඇත. පසුව 561 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ උපදෙස් පරිදි එම ගොඩ නැගිල්ල යුද්ධ හමුදා භඨ පිරිස්ගේ දායකත්වයෙන් නවතමයෙන් ඉදිකර 2022.02.18 වන දින නැවත එම වයස්ගත කාන්තාවට භාරදීමට කටයුතු කරන ලදි.

මෙම අවස්ථාව සදහා 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සමන් ලියන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි, 561 සහ 562 පාබල බළසේනාවන්හී බළසේනාධිපතිවරුන්, 16 ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවේ හා 17 (සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරින් ඇතුළු සෙසුනිළයින් සහභාගි විය.