Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

10th February 2022 23:52:17 Hours

අඩු ආදායම් ලාභි පවුල්හි පාසැල් ළමුන් සදහා පාසල් උපකරණ බෙදාදීම

65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ සමරසිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත හා 651 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් ඩබ්ලිව් බණ්ඩාර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණය යටතේ 19 බළඇණිය ශ්‍රීලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් කේ අසංක ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් පාසැල් ළමුන් සදහා පාසැල් උපකරණ බෙදාදීමේ උත්සවයක් 2022 පෙබරවාරි 08 වන දින ඉරනමාතානගර් රෝමාණු කතෝලික පාසලේදී පවත්වන ලදි. මේ සදහා මුලංකාවිල් ජාතික පාසල, නච්චිකුඩා දෙමළ මිශ්‍ර පාසල, වෙල්ලන්කුලම් මිශ්‍ර පාසල, කනේෂපුරම් ප්‍රාථමික පාසල, තේවම්පිඩ්ඩි රෝමාණු කතෝලික දෙමළ මිශ්‍ර පාසල සහ කල්විලාන් රජයේ දෙමළ මිශ්‍ර පාසල්වල අඩුආදායම් ලාභි පවුල් තුල ජීවත් වන පාසල් ළමුන් 63 දෙනෙකු සදහා පාසල් උපකරණ බෙදාදෙන ලදි. මෙම අවස්ථාව සදහා යුද්ධ හමුදා නිලධාරි, සෙසුනිළයින්, පාසල් ගුරුවරුන් සහ සිවිල් වැසියන්ගේ සහභාගීත්වයෙන් 65 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි