02nd February 2025 12:55:16 Hours
59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි ආර් එන් හෙට්ටිආරචිච් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ කාලෝචිත සංකල්පයකට අනුව ආසේමු (ව) සහ මෙම පාසේමු යටතේ පාලනය වන 591, 592 සහ 593 පාබසේමු යටතේ පාලනය වන ඒකකයන්හි භට පිරිස් සහ සිවිල් සේවක මහතුන්ගේ සහභාගීත්වයෙන් සුපවේදී, භෝජනාගාර සිවිල් සේවක සහ බාර්මන් යන වෘත්තීන් සැබැඳි තෙදින වැඩමුළුවක් Jetwing Hotel - Ltd විධායක නිලධාරීන්ගේ උපදේශකත්වයෙන් 2025.01.28 වන දින සිට 2024.01.30 වන දින දක්වා මෙම පාසේමුහිදි සාර්ථකව සහ ඉතා උසස් අන්දමින් පවත්වන ලදි.
මෙම පුහුණු වැඩමුළුවේ මුලික අරමුණ වනුයේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ වෘත්තිමය දැනුම වර්ධනය කිරීමෙන් ඔවුන්ගේ ප්‍රථිපලදායි හා කාර්යක්‍ෂම සේවාවක් යුද්ධ හමුදාව වෙත ලබා ගැනීමයි. මේ සදහා ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් 59 පාසේමු නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ එච් එන් පී හැන්නදිගේ ආර්ඩබිලිව්පි ආර්එස්පි පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිළධාරින් සහ Jetwing Hotel - Ltd විධායක නිලධාරීන් සහභාගි වන ලදි.