Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

15th February 2025 19:13:16 Hours

7(ස්වේ) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ මුලිකත්වයෙන් පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන සඳහා අරම්භයක්

ජාතික ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව, ආරක්ෂක සේනා වන්නි ආඥාපතිතුමාගේ මගපෙන්වීම සහ 21 පාබල සේනාංක සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 212 පාබළ සේනාව යටතේ ස්ථාපිත 7(ස්වේ) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භටපිරිස් සහභාගීත්වයෙන් 2025 පෙබරවාරි මස 15 වන දින අවුකන රජමහ විහාර පූජා භූමියේ සුද්ධ පවිත්‍ර කටයුතු සිදුකරන ලදී.