10th October 2025 12:47:26 Hours
76 වන යුද්ධ හමුදා දිනට සමගාමීව ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) ආඥාපතිගේ මඟපෙන්වීම යටතේ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි 212 පාබල බළසේනාධිපති බ්‍රිගේඩියර් බි ඒ එම් පී බාලසුරිය ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමඟාමීව සිසු දරු දැරියන්ගේ භෞතික පවිත්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් කාගම ධාතුසේන විද්‍යාලයේ සියලුම වැසිකිළි පද්ධති වල අලුත්වැඩියා කටයුතු හා නවතමයෙන් වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම් කටයුතු අවසන් කර 2025.10.09 වන දින සිසු දරු දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දෙන ලදී.
මෙම ඉදිකිරීම් කටයුතු කැනඩාවේ ස්ථාපිත සමාජ සුභසාධන සංවිධානයක් වන WANNI AIDS සංවිධානයේ සමාජික ශාන්ත කුමාර මහතාගේ මූල්‍ය පරිත්‍යාගය මත 2 ඉසේරෙ ඒකක සෙසු නිළයන්ගේ හා 7 (ස්වේ) ශ්‍රිලසසබ ඒකක සෙසු නිළයන්ගේ ශ්‍රමදායකත්වයෙන් සිදුකරන ලදි.