27th September 2025 12:05:39 Hours
76 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව ධජයන්ට සෙත් පැතීමේ උත්සවය 2025.09.26 වන දින අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වු අතර, ඊට සමගාමීව අටමස්ථානාධීපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක සාහිත්‍යශූරි පල්ලේගම සෝමරතන නායක හිමියන්ගේ ඉල්ලීම පරිදි, වන්නි ආඥාපති මේජර් ජෙනරාල් කේඑම්පීඑස්බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත හා 21 පාබල සේනාංකයේ සේනංකාධීපති මේජර් ජෙනරාල් එම්ඩබ්ලිව්එම්ආර්සී විජේසූරිය ආර්එස්පී යුඑස්පී එන්ඩීසී ගේ මගපෙන්විම යටතේ 212 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් බීඒඑම්පී බාලසූරිය ආර්එස්පී ගේ පුර්ණ අධීක්‍ෂණයෙන් අනුරාධපුර ජය ශ්‍රි මහ බෝධීන් වහන්සේ වැඩ සිටින මැද මළුවෙහි ගල් අතුරා සංවර්ධනය කීරිම සහ සන්නිපාත ශාලාවේ තීන්ත ආලේප කිරීමේ කටයුතු 212 පාබල බළසේනාව යටතේ පාලනය වන 7 (ස්වේ) ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, 4 ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුලුව ඒකක භටපිරිස් සහ 2 ඉන්ජිනෙරු සේවා බලකාය වෘත්තිය භඨපිරිස් විසින් සම්පූර්ණ කරන ලදි.