Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

27th October 2022 21:36:46 Hours

73 වන යුධ හමුදා දිනයට සමගාමීව ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වීම

73 වන යුධ හමුදා දිනයට සමගාමීව 563 පාබල බසේමු බලප්‍රදේශයට අයත් ඒරුපොතාන වැවේ වැව් බැම්ම හා වැවට පැමිණෙන මාර්ගය සුද්ද පවිත්‍ර කිරීමේ ශ්‍රමදානමය වැඩසටහනක් 2022.10.08 වන දින 0900 පැයේ සිට 1400 පැය දක්වා 7 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එම්ඒජේඑම් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදි.

මෙම වැඩසටහන සදහා 7 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණ හා පාලන කණ්ඩායම් නිලධාරි අණදෙන මේජර් පීඩීඩීඑස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු 7 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් 04 x 75 ක භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සිදුකරන ලදි.