21st June 2025 11:39:27 Hours
මාතෘ භූමියේ සාමය නැවත ස්ථාපිත කිරීම සඳහා මියගිය රණවිරුවන් සිහිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව මැයි මාසය පුරා අනුස්මරණ උත්සව පවත් වනු ලබයි. මෙම අනුස්මරණය නිමිති කොටගෙන 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ඕමන්තෙයි හි මරතෝඩයි ප්‍රාථමික විද්‍යාලයේ පාසල් භුමිය පිරිසිදු කිරීම සහ පැල රෝපණය කිරීමේ වැඩසටහනක් 2025 ජුනි 9 වන දින පැවැත්විය. මෙම උත්සවය 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්කේඩීපීපීකේ කන්කානිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ බලඇණියේ නිළධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.