Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

16th February 2022 20:03:31 Hours

65 පාබල සේනාංකය විසින් මුලික යුධ උපක්‍රම පිලිබඳ සංස්කරණ පාඨමාලා අංක - 02 විසිර යාම

ආරක්ෂක සේනා (වන්නි) අඥාපති මේජර් ජෙනරාල් සී ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්යෙ‍ෂ්ඨ නිළධාරිගේ මග පෙන්විම මත හා 65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ සමරසිරි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ සෙබලුන්ගේ පුහුණුවීම් වල වැදගත්කම හා අවශ්‍යතාවය පාදක කර ගනිමින් ආරක්ෂක සේනාව (වන්නි) යටතේ පාලනය වන 21, 54, 56, 62 සහ 65 පාබල සේනාංකයන් යටතේ ඇති සියළුම බළඇණියන්හී කොමිෂන් නොලත් නිළධාරින් සදහා මූලික යුධ උපක්‍රම පිලිබද සංස්කරණ පාඨමාලාව අංක - 01 මුලන්කාවිල් බළඇණි පුහුණු පාසැලෙහි 2022 ජනවාරි මස 24 වන දින සිට 2022 ජනවාරි 29 වන දින දක්වා සාර්ථකව පවත්වන ලද අතර, එහි දෙවන අධියරය 2022 පෙබරවාරි 07 වන දින සිට 2022 පෙබරවාරි මස 12 දින දක්වා පවත්වන ලදි.

මෙම පාඨමාලාවේ විෂය පථය සඳහා සිතියම් කියවීම, මූලික යුධ උපක්‍රම, අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි, ලුහු බැඳීම, රැක සිට පහරදීම, අවි ආයුධ පුහුණුව, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය, මිනිස් අයිතිවාසිකම් හා ප්‍රායෝගික පුහුණුව අන්තර්ඝතව ඇත. තවද මෙම පාඨමාලාව සඳහා කොනොනින් 90 දෙනෙකු ආරක්ෂක සේනාව (වන්නි) යටතේ පාලනය වන 21, 54, 56, 62 සහ 65 පාබල සේනාංකයන් යටතේ ඇති සියළුම බළඇණි නියෝජනය කරමින් පාඨමාලාව සඳහා සහභාගී වන ලදි. මෙම මුලික යුධ උපක්‍රම සංස්කරණ පාඨමාලා අංක - 02 අවසන් උත්සවය 2022 පෙබරවාරි මස 13 වන දින 651 පාබල බළසේනාධිපතිගේ සහභාගිත්වයෙන් සිදු කරන ලද අතර පාඨමාලාව යුද්ධ හමුදා මුලස්ථානය හා සෙඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති කොවිඩ් - 19 වැලැක්වීමේ ක්‍රමවේදයන්ට යටතේ පවත්වන ලදි.