Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

18th September 2022 19:28:20 Hours

65 පාබල සේනාංකය දේශීය ඖෂධ පැළෑටි උද්‍යානය ස්ථාපිත කරයි

දේශීය ඖෂධීය ශාක ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, 65 පාබල සේනාංකය විසින් 2022 සැප්තැම්බර් 16 වන දින, 65 වන පාබල සේනාංක පරිශ්‍රයේ, නිලධාරීන් සහ සෙබළුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් “ඔසු උයන” උත්සවාකාරයෙන් ස්ථාපිත කරන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසාද් එදිරිසිංහ සහභාගි විය. මෙම උත්සවයේදී ප්‍රභේද 70කට අධික දේශීය ඖෂධ පැළෑටි 200කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.

අනාගත පරපුර සඳහා මෙවැනි වටිනා ඔසු පැලෑටි සංරක්ෂණය කිරීමේ අරමුණින් එවැනි උද්‍යාන මෙම සේනාංකය යටතේ ඇති බසේමු හා ඒකක මුලස්ථානයන්හිද පිහිටුවීමට තවදුරටත් අදහස් කරයි. මෙම උත්සවය ප්‍රමානි 1 (සම්බන්ධීකරණ) ලුතිනන් කර්නල් රසික කුමාර පීඑස්සී ශ්‍රිලසසබ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සම්බන්ධීකරණය කරන ලදී.