Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

19th May 2022 19:13:44 Hours

65 සේනාංක මුලස්ථානයේ භඨපිරිස් වෙසක් උත්සවය සමරයි

ලොවපුරා වෙසෙන බෞද්ධ ජනතාව විසින් වෙසක් පුර පසලොස්වක පොහොය දින සිද්ධාර්ථ ගෞතමයන්ගේ සම්බුදු තෙමගුල එනම් (උපත බුද්ධත්වය සහ පරිනිර්වානය) යන වැදගත් සිදුවිම් සිහිපත් කරමින් වෙසක් පුන් පොහො දිනය උත්සවාකාරයෙන් සමරනු ලැබේ.

මෙම පොහො දිනය මුල්කර ගනිමින් සියළු බෞද්ධයන් විවිධ ආගමික කටයුතුවල සහ දානමය පිංකම්වල නිරත වීම සිදු කරනු ලැබේ. ජාතියේ සැබැ ආරක්ෂියා ලෙස වර්ථමානය දෙස බලා ආගමික උත්සවයේ සාමය සහ සහජිවනයේ සැබැ අරුත බෙදා හදා ගනිමින් 65 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඒ සමරසිරි ආර්ඩබ්ල්ව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් හා අධිෂණය යටතේ 65 පාබල සේනාංක මුලස්ථානය, 651,652,653 පාබල බළසේනා මුලස්ථාන, 10 ශ්‍රී ලංකා පාබල හමුදාව, 19 ශ්‍රී ලංකා පාබල හමුදාව , 24 ගජබා රෙජිමේන්තුව, සහ 17(සෙවි) ශ්‍රී ලංකා පාබල හමුදාව යන ඒකකයන්හි භටපිරිස් විසින් 2022 මැයි මස 15 දිනට පිළිවෙලින් බෝධිපුජා පිංකම් සහ දන්සල් ව්‍යාපර සංවිධානය කර පවත් වන ලදි. මෙහිදි දිවා ආහාර කෑම පාර්සල් 340 ක ප්‍රමාණයක් බළප්‍රදේශයේ පිහිටි රෝහල්වල කාර්ය මණ්ඩලය සහ නේවාසිකව ප්රවතිකාර ලබන රෝගින් හා ප්‍රදේශයේ තෝරාගත් දිළිදු පවුල් සදහා බෙදා දෙන ලදි.