Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

04th June 2022 17:21:31 Hours

65 වන පාබල සේනාංකය යටතේ ඇති 651 වන පාබල බලසේනා මුලස්ථානය මගින් පාලනය වන ප්‍රද්ශයේ අවශ්‍යතා සහිත දිළිදු පවුලක් සඳහා අවමංගල්‍ය කටයුත්තකට සහය ලබාදිම

2022 මැයි 31 වන දින නච්චිකුඩා ප්‍ර‍‍දේශයේදි අනපේක්ෂිත විදුලිසැර වැදිමකින් මියගිය තම අවු: 04 ක් වයසැති දියණියගේ අවමංගල්‍ය කටයුතු සඳහා අවශ්‍යතා සහිත පවුලකට 65 වන පාබල සේනාංකය යටතේ ඇති 651 වන පාබල බලසේනාවේ භට පිරිස් සහය ලබා දෙන ලදි. මෙම පවුල ඉතා දුප්පත් පවුලක් වු අතර ඔවුන් හට අවු: 09 ක දියණියක් සහ අවු: 06 ක පුතෙකු සිටිති. පියා ධීවරයෙකු වන අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් ධීවර කටයුතු කරගෙන යාමට මේ වන විට නොහැකි වි ඇත.

පවුලේ අයගේ ඉල්ලීම පරිදි 65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ සමරසිරි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් මත 651 පාබල බලසේනා මුලස්ථානයේ හි බළසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්ඩබ්ලිව් බංඩාර ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මග පෙන්විම හා අධීක්ෂණය යටතේ අවමංගල්‍ය නිවස සඳහා අවශ්‍ය කූඩාරම්, ප්ලාස්ටික් පුටු ආදිය සම්පාදනය කිරිම, පානිය ජල අවශ්‍යතා සපුරාලීම ඇතුළුව 65 පාබල සේනාංක මුලස්ථානයේ හා 651 පාබල බලසේනා මුලස්ථාන‍යේ දායකත්වය මත එම අවමංගල්‍ය නිවසට පැමිණ සිටි සිවිල් අයවළුන් 300 ක ප්‍රමාණයක් සදහා 2022.05.31 වන දින රාත්‍රි ආහාරය හා පසු දින උදෑසන තේ පානය ලබා දෙන ලදි.