Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd September 2022 23:29:46 Hours

65 පාබල සේනාංකය සේනාංක බලප්‍රෙද්ශයේ ධීවර ජනතාවගේ ඡීවන තත්වය නගා සිටුවීමට මුලිකත්වය ගනි

65 පාබල බල ප්‍රදේශයේ ධීවරයින්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා 65 පාබල සේමු සේනාංකාධිපතිමේජර් ජෙනරාල් ප්‍රසාද් එදිරිසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ 65 වන සේනාංකය විසින් ප්‍රදේශයේ වැව් වෙත මාළු පැටවුන් (කුඩා මත්ස්‍යයින්) මුදා හැරීම සම්බන්ධීකරණය කරන ලදී. .පළමු අදියරේ දී 2022 අගෝස්තු 29 සහ 30 දෙදින තුළ මිරිදිය මාළු පැටවුන් 285,000 ක් පමණ වව්නිකුලම්තෙන්නියන්කුලම් සහ තෙරන්කන්ඩාල් වැවි වෙත මුදා හරින ලදී. අඩු ආදායම්ලාභී ධීවරයින් විශාල සංඛ්‍යාවක් මෙමය තුලින් ප්‍රතිලාභ ලබයි.

ජාතික ජලජ හා සංවර්ධන අධිකාරිය - කිලිනොච්චිය විසින් මෙම මත්ස්‍ය පැටවුන් ලබා දුන් අතර උතුරු පළාත් සභාවේ මිරිදිය ධීවර ඒකකයේ අනුග්‍රහය ඇතිව සිවිල් සම්බන්ධිකරණ කාර්යාලය, 65 වන සේනාංකය, 10 ශ්‍රිලපාහ සහ 17 (සෙවි) ශ්‍රිලපාහ ඒකකය මගින් මෙම උත්සව සංවිධානය කරන ලදී.

65 පාබල සේනාංකය සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසාද් එද්රිසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, සේනාංකයේ සහ බලඇණිවල නිලධාරින් හා, තුනුක්කායිප්‍රාදේශීය ලේකම් ඒ ලදුමීරාමහත්මිය, උතුරු පළාත් සභාවේ මිරිදිය ධීවර ඒකකයේ අධ්‍යක්ෂ අභිරාමි බාලමුරලි මහත්මිය, උතුරු පලාත් මිරිදිය ධීවර සංවර්ධන නිලධාරි කුමාර් සංගීතම් මහතාමාන්තෙයි නැගෙනහිර සහකාර ප්‍රාදේශීය ලේකම් මරියදාස් මරියුරු මහතා, මල්ලාවි ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ප්‍රකාශ් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.