Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

26th May 2024 17:55:52 Hours

64 පාබල සේනාංකය වෙසක් උත්සවය සමරන ලදී

ආරක්‍ෂක සේනා මුලස්ථානය (වන්නි) යටතේ ස්ථාපිත 64 පාබල සේනාංක මඟින් 2024 වර්ෂයේ වෙසක් පුර පසලොස්වක පොහොය නිමිති කොටගෙනවෙසක් පහන් කුඩු ප්‍රදර්ශණයක් හාඑළවළු බනිස් සමග තේ දන්සලකින් යුත් වෙසක් කලාපයක් 64 පාබල සේනාංක මුලස්ථානය ඉදිරිපිට සංවිධානය කරන ලදී.

මෙහිදී 64 පාබල සේනාංකය මුලස්ථානය සහ යටතේ ස්ථාපිත 641,642 පාබල බලසේනා මුලස්ථාන වෙතින් දර්ශනීය වෙසක් පහන් කුඩු නිර්මාණය කළ අතර, 64 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්එස් දේවප්‍රිය යුඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2023.05.23 වන දින 1830 පැයට විදුලි ආලෝක දල්වා වෙසක් පහන්කූඩු විවෘත කරන ලද අතර, මෙම වෙසක් කළාපය නැරඹීම සඳහා ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී වන ලදී.