Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th March 2024 15:49:18 Hours

64 පාබල සේනාංක භඨපිරිස් විසින් ඔඩ්ඩුසුඩාන් ළමා උද්‍යානය පිළිසකර කර භාරදිම

ආරක්ෂකසේනා (වන්නි) ආඥාපති තුමාගේ සංකල්පයකට අනුව බලප්‍රදේශයේ ඇති ළමා උද්‍යාන අලුත්වැඩියා කිරිමේ ව්‍යාපෘතිය යටතේ ඔඩ්ඩුසුඩාන් ළමා උද්‍යානය අලුත්වැඩියා කර විදුලි ආලෝකය ලබා දි ප්‍රදේශයේ ළමුන්ගේ පරිහරණය සදහා භාරදීම 2024.03.16 වන දින 64 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්එස් දේවප්‍රිය යුඑස්පි එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. 641 වන පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩිබිඑල් කොළොන්නේ යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණයෙන් 8 වන මධ්‍යම කාලතුවක්කු රෙජිමේන්තුව හා ආරක්ෂකසේනා ඉංජිනේරු - ඔඩ්ඩුසුඩාන් හි ශ්‍රමදායකත්වයෙන් මෙම කටයුතු සිදු කරන ලද අතර මේ සදහා අනුග්‍රහකත්වය පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශිය සභාව හා ප්‍රදේශයේ පරිත්‍යාගශිලින් කිහිපදෙනෙකු විසින් සිදු කරන ලදි. මෙම උත්සවයට සමගාමීව පෙරපාසැල් දරුවන් සදහා පාසල් පොත්පත් හා උපකරණ බෙදා දීමක්ද සිදු කරන ලදි.