Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

16th August 2023 20:07:03 Hours

62වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති තුමන් නික්මයාම වෙනුවෙන් සමුගැනීමේ උත්සවයක් පැවැතවීම

62 වන පාබල සේනාංකය විසින් 2023 අගෝස්තු මස 14 වන දින සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජානක රණසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සමුගැනීමේ උත්සවය පවත්වන ලදී.

පිටව යන සේනාංකාධීපති වෙත පිවිසුම් දොරටුව අසලදී කදවුරු මුරයක් හා සම්මාන මුරයක් පිරිනැමූ අතර, මූලස්ථාන කාර්යාලය ඉදිරිපිටදී සමූහ ඡායාරූපයක් ද ලබා ගන්නා ලදි. නික්මයන සේනාංකාධිපතිතුමන් භඨ පිරිස් ඇමතූ අතර, එහිදි ඉටුකරන ලද සේවාවන් වෙනුවෙන් අදාළ ස්ථානයන්හි සේවය කරන සියලුම නිලයන් වෙත සිය අවංක කෘතඥතාව පුද කරන ලදී. එදින සමුගැනීමේ වැඩසටහන අවසානයේදී, සේවය ඇගයිම වෙනුවෙන් සමරු තිළිණයක් ප්රනධානය කරන ලදි.