Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

04th August 2023 16:18:00 Hours

62 වන පාබල බලසේනාවේ සේවය කළ සිවිල් සේවකයන් ඇගයීම

ශ්‍රි ලංකා යුද්ධ හමුදා යාථායෝග්‍ය ප්‍රමාණකරනය යටතේ නුදුරේදි මෙම 62 වන පාබල සේනාංක මුලස්ථානය යටපත් කිරිමට නියමිතව ඇත. එබැවින් මෙම සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව රාජකාරි සිදු කරන ලද සිවිල් සේවක මහතුන් 17 දෙනෙකු සදහා සේනාංකය වෙනුවෙන් සේවය කර දැක්වු කැපවිම, හා දායකත්වය වෙනුවෙන් සේවය ඇගයිම වස් ඔවුන් හට සමරු තිලිණ ප්‍රධානය කිරිමේ උත්සවය සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරිවරුන් සහ සෙසුනිලයන්ගේ සහභාගිත්වයෙන් 62 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒජේඑන් රණසිංහ ආර්එස්පි යුඑස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහභාගිත්වයෙන් 2023.08.01 වන දින මෙම සේනාංක මුලස්ථානයේදි පැවැත්විය.