Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

07th January 2025 09:08:43 Hours

592 පාබල බලසේනා මුලස්ථානයේ 17 වන සංවත්සරය මහත් හරසරින් සමරයි

592 පාබල බලසේනා මුලස්ථානයේ 17 වන සංවත්සරය බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එල් අයි කරුණානායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි යන ඡ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් 2024 දෙසැම්බර් මස 29 දින අති උත්කර්ෂවත් අන්දමින් වැඩසටහන් මාලාවක් යටතේ පැවැත්විනි.

සංවත්සර සැමරුම් දිනයට සමගාමිව සියලු නිලයින්ගේ සුහදත්වය වර්ධණය කරමින් සෙබලුන්ගේ ශාරිරික සෞඛ්‍ය, කණ්ඩායම් හැගිම සහ තරගකාරි ආත්මතෘප්තිය වෙනුවෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එල් අයි කරුණානායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.

සංවත්සර සැමරුම් දිනයට සමගාමිව වට්ටප්පලෛ කණ්නගි අම්මාන් කොවිලේ ආශිර්වාදය ලබාගැනිමෙන් සහ බෝධිපූඡා පිංකමක් පවත්වා බලසේනාවේ සහ කාර්ය මණ්ඩලයේ දිගු කාලින සාර්ථකත්වයට සහ උන්නතිය සදහා ආශිර්වාද ලබා ගැනිම සදහා සිදුකරන ලද අතර, මිට පෙර බලසේනාවේ දියුණුව උදෙසා කැපවු සියලුම නිලයින්ද සිහිකිරිමක් සිදුකරන ලදි.

සාම්ප්‍රධායානුකුලව බලසේනාධිපති විසින් ඒදින භඨපිරිස් ඇමතිමක් සිදුකර බලසේනාව ලබා ඇති සාර්ථකත්වය වෙනුවෙන් කැපවු සියලුම නිලයින් සදහා සිය ස්තුතිය පිරිනැමු අතර, මින් ඉදිරියටත් බලසේනාව ඔසවා තබමින් සාර්ථකත්වයට ගෙන ඒ සදහා මහත් උනන්දුවකින් හා විනයකින් යුතුව රාඡකාරි ඉටුකිරිමට කටයුතු කරන ලෙසට උපදෙස් ලබාදෙන ලදි.

සැමරුම් දින සියලු නිල දිවා භෝඡන සංග්‍රාහයකින් සමන්විත වු අතර 592 පාබල බලසේනාවේ 17 වන සංවත්සරික උත්සවයේ වැඩසටහන් බලසේනාවේ රාඡකාරි නියුතු සියලුම සාමාඡිකයින්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව නිම කරන ලදි.