31st December 2024 16:32:41 Hours
591 පාබල බලසේනා මුලස්ථානයේ 17 වන සංවත්සරය බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්ජේ උබේසේකර ආර්එස්පි පිඑස්සි යන ඡ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් 2024 දෙසැම්බර් මස13 දින අති උත්කර්ෂවත් අන්දමින් වැඩසටහන් මාලාවක් යටතේ පැවැත්විනි.
සංවත්සර සැමරුම් දිනයට සමගාමිව සියලු නිලයින්ගේ සුහදත්වය වර්ධණය කරමින් සෙබලුන්ගේ ශාරිරික සෞඛ්‍ය, කණ්ඩායම් හැගිම සහ තරගකාරි ආත්මතෘප්තිය වෙනුවෙන්සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්ජේ උබේසේකර ආර්එස්පි පිඑස්සි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.
සංවත්සර සැමරුම් දිනයට සමගාමිවවට්ටප්පලෛ කණ්නගි අම්මාන් කොවිලේ ආශිර්වාදය ලබාගැනිමෙන් සහ බෝධිපූඡා පිංකමක් පවත්වා බලසේනාවේ සහ කාර්ය මණ්ඩලයේ දිගු කාලින සාර්ථකත්වයට සහ උන්නතිය සදහා ආශිර්වාද ලබා ගැනිම සදහා සිදුකරන ලද අතර, මිට පෙර බලසේනාවේ දියුණුව උදෙසා කැපවු සියලුම නිලයින්ද සිහිකිරිමක් සිදුකරන ලදි.
සාම්ප්‍රධායානුකුලව බලසේනාධිපති විසින් ඒදින භඨපිරිස් ඇමතිමක් සිදුකර බලසේනාව ලබා ඇති සාර්ථකත්වය වෙනුවෙන් කැපවු සියලුම නිලයින් සදහා සිය ස්තුතිය පිරිනැමු අතර, මින් ඉදිරියටත් බලසේනාව ඔසවා තබමින් සාර්ථකත්වයට ගෙන ඒ සදහා මහත් උනන්දුවකින් හා විනයකින් යුතුව රාඡකාරි ඉටුකිරිමට කටයුතු කරන ලෙසට උපදෙස් ලබාදෙන ලදි.
සැමරුම් දිනසියලු නිල දිවා භෝඡන සංග්‍රාහයකින් සමන්විත වු අතර 591 පාබල බලසේනාවේ 17 වන සංවත්සරික උත්සවයේ වැඩසටහන් බලසේනාවේ රාඡකාරි නියුතු සියලුම සාමාඡිකයින්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව නිම කරන ලදි.