Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

26th May 2024 17:07:22 Hours

59 වන සේනාංකයේ වෙසක් කලාපය - 2024

ආසේමූ (වන්නි) ආඥාපතිතුමන් වන මේජර් ජෙනරාල් ඩබ්ලිව්පීඒඩීඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමාගේ උදාර සංකල්පයකට අනුව 59 වන සේනාංකයේ සේනාංකාධිපති වන මේජර් ජෙනාරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ 593 වන බළසේනාවේ බළසේනාධිපති වන බ්‍රිගේඩියර් එච්වීඒ සෝමවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් සහ 59 වන සේනාංකය යටතේ ඇති පාබසේමූ සහ ඒකක ඒකරාශී වී පුතුකුඩිඉරිප්පු පොදු ක්‍රිඩාංගනයේ වෙසක් පොහෝ දින නිමිති කොටගෙන අලංකාර වෙසක් කලාපයක් සහ බත් දන්සලක් 2024.05.23 සහ 24 යන දිනයන්හිපුදුකුඩුඉරිප්පු වැසියන්ගේ පූර්ණ ආශිර්වාදය හා සහයෝගයෙන් යුතුවසංවිධානය කරන ලදී.

මෙම වෙසක් කලාපය 2024.05.23 වන දින උත්සවත්ශ්‍රීයෙන් විවෘත කිරීම සඳහා මුලතිව් ප්‍රදේශයේ දිසාපති වන ඒ උමා මහේෂ්වරම් මහතා සහ 59 වන සේනාංකයේ සේනාංකාධිපති වන මේජර් ජෙනාරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් විසින් සිදු කල අතර, 2024.05.24 වන දින ආසේමූ (වන්නි) ආඥාපතිතුමන් වන මේජර් ජෙනරාල් ඩබ්ලිව්පීඒඩීඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ සහභාගිත්වයෙන් වෙසක් කලාපය විවෘත කරන ලදී. මෙම වෙසක් කලාපය වර්ණවත් කිරීම සඳහා සියළුම ඒකක විසින් වෙසක් කූඩු සහ ජාතක කථා වස්තූන් ඇතුළුව නිර්මාණ 16 ක් සිදු කර තිබූ අතර, වෙසක් කලාපය නැරබීම සඳහා පුතුකුඩිඉරිප්පු ප්‍රදේශවාසීන් 20000 කට ආසන්න ප්‍රමාණයක් ඉහත සඳහන් දිනයන්හි පැමිණි අතර, බත් දන්සල සඳහා 15000 කට අධික ප්‍රදේශවාසීන් ප්‍රමාණයක් සහභාගී විය. එම බත් දන්සල වෙනුවෙන්කහ බත්, පරිප්පු, සෝයාමීට්, අඹ ව්‍යාංජනය සහ පොලොස් ව්‍යාංජනයලබා දීම සිදුකරන ලදී.