06th October 2024 14:02:28 Hours
59 වන පාබල සේනාංකයේ නවතමයෙන් පත් වූ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී ආර් එන් හෙට්ටිආරච්චි RWP RSP USP ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන් 2024 ඔක්තෝබර් 02 වන දින 593 පාබල බලසේනාව, 6 ගැමුණු හේවා බළඇණිය සහ 6 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සංචාරයක නිරත විය. මෙම අවස්ථාව සඳහා 59 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ එච් එන් පී හැන්නාදිගේ RWP RSP psc සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්ද සහභාගී විය.
593 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් විසින් 59 සේනාංකයේ සේනාංකාධිපති උණුසුම්ව පිළිගත් අතර, 593 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් විසින් බලප්‍රදේශය පිළිබඳ විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. අනතුරුව 593 පාබල බලසේනාවේ බලප්‍රදේශ තුල බලඇණි භට පිරිස් ස්ථානගත කිරීම්, මෙහෙයුම් කාර්යභාරයන්, කාර්යයන් සහ දෛනික රාජකාරි පිලිබද අණදෙන නිලධාරීන් විසින් සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.
සිය සංචාරය අතරතුර, සේනාංකාධිපති තුමන් භට පිරිස් සමඟ සුහද සාකච්ඡා වල නිරත වෙමින් ඔවුන් හට උපදෙස්, මඟපෙන්වීම් සහ දිරිගැන්වීම් සිදු කළේය. සංචාරය නිමා කිරීමට ප්‍රථම, එතුමන් විසින් 593 පාබල බලසේනාවේ සහ බලඇණි වල විශේෂ අමුත්තන් සදහා වු පොතෙහි සටහන් තබමින් සිය ප්‍රශංසාව පළ කළේය. බලසේනාධිපති සහ බලසේනා මේජර් මෙම අවස්ථාවට සහභාගී විය.