Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

03rd October 2025 12:53:16 Hours

59 වන පාබල සේනාංකය, පාසල් හා පෙර පාසල් ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවක් සමඟින් ජාතික ළමා දිනය සනිටුහන් කරයි

2025 ඔක්තෝබර් 1 වන දිනට යෙදුණු ජාතික ළමා දින සැමරුමට සමගාමීව, 59 වන පාබල සේනාංකය මුලතිව් ප්‍රදේශයේ පාසල් සහ පෙර පාසල් කිහිපයක ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය.

මුලතිව් දිස්ත්‍රික්කයේ දරුවන්ගේ අධ්‍යාපනය සහ සමස්ත යහපැවැත්මට සහාය වීමේ මූලික අරමුණින්, 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීආර්එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන් 59 වන පාබල සේනාංක කාර්ය මණ්ඩලය විසින් පවත්වන ලදී. මෙම ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාව මගින් වටිනා අධ්‍යාපනික ආධාර සහ සුභසාධන සහයෝගය ලබා දෙන ලදි. ඒ සමඟම, මෙම වැඩසටහන් සිදු කිරිම මගින් සිවිල් ජනතාව සහ යුද්ධ හමුදාව අතර සංහිදියාව ශක්තිමත් කිරීම හා වර්ධනය කිරිම සමගම සන්නද්ධ හමුදා සහ ප්‍රාදේශීය ප්‍රජාව අතර අන්‍යෝන්‍ය විශ්වාසය, අවබෝධය සහ සහයෝගීතාවය වර්ධනය කිරීමටද දායක විය.